එල්ලේ සමස්ත ශූරතාවය වාණිජ හා කළමණාකරණ පීඨයට..
- Eastern Waves
- Feb 26, 2020
- 2 min read
Updated: Mar 21, 2020

ඉකුත් 23 වන ඉරු දින ශ්‍රී ලංකා නැගෙනහිර විශ්ව විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී එල්ලේ කාන්තා හා පිරිමි තරග ඉසව් තරග පවත් වන ලදී.
පලමු තරග වටය ලෙස කාන්තා අංශයේ තරග පැවැත් වූ අතර එහි දී පලමු තරගය ලෙස තාක්ෂණික පීඨයට එරෙහි ව විද්‍යා පීඨය තරග වැදුණි.ගෝල එකට බිංදුවක් ලෙස එහි ජය විද්‍යා පීඨයට හිමි විය.අනතුරුව පැවැති තරගයෙන් කලා පීඨය පරදා වාණිජ හා කළමණාකරණ පීඨයේ ක්‍රීඩිකාවන් ජයග්‍රහණය කලේය.එසේ කාන්තා අංශයේ පලමු වටය නිමා වෙද්දී තෙවන ස්ථානය සදහා කලා පීඨය සමගින් තාක්ෂණික පීඨය තරග වැදුණි.තරග පිටිය යම් තරමකට උණුසුම් කරමින් තෙවන ස්ථානය සදහා කලා පීඨය සුදුසුකම් ලබා ගත්තේය.

එම තරග වටය අවසානයේ දී කාන්තා අංශයේ අවසන් වටයේ තරග පවත්වනු ලැබීය.කාසියේ වාසිය හිමි කරගත් වාණිජ හා කළමණාකරණ පීඨයේ ක්‍රීඩිකාවන් පලමුව පන්දුවට පහර දීමට තීරණය කරන ලදී.ඒ ගත් තීරණය නිවැරදි බව පසක් කරමින් ඔවුන් තරගය අවසානයේ ලකුණු තුනක් රැස් කර ගත් අතර ඒ ඉලක්කය හඹා ගිය විද්‍යා පීඨ ක්‍රීඩිකාවන්ට ලබාගත හැකි වූයේ එක් ලකුණක් පමණි.එලෙසින් කාන්තා අංශයේ ශූරතාවය වාණිජ හා කලමනාකරණ පීඨය දිනා ගමින් අනුශූරතාවය විද්‍යා පීඨ ක්‍රීඩිකාවන් විසින් දිනා ගත්තේය...



දහවල් විවේකයෙන් අනතුර එල්ලේ පිරිමි අංශයේ තරග ඉසව් පවත්වන ලදි.එහි දී වාණිජ හා කළමණාකරණ පීඨය හා තාක්ෂණික පීඨය අතර තරගයෙන් වාණිජ හා කළමණාකරණ පීඨයට ජය හිමි විය.පලමු වටයේ දෙවන තරගය ලෙස පැවති කලා පීඨය හා විද්‍යා පීඨය අතර තරගයෙන් විද්‍යා පීඨයට ජය ලැබීය.අනතුරුව පැවැති දෙවන වටයේ පලමු තරග ලෙස කලා පීඨයට එරෙහි ව තාක්ෂණික පීඨය තරග වැදුන අතර එහි ජය කලා පීඨය හිමි කරගනිමින් අවසන් වටය සදහා සුදුසුකම් ලැබීය. තෙවන ස්ථානය සදහා විද්‍යා පීඨය සමගින් තාක්ෂණික පීඨය තරග වදින ලදී.එම තරග වටයේ ජය විද්‍යා පීඨය තමන් නතු කරගනිමින් තෙවන ස්ථානය ලබා ගන්නා ලදී.
ක්‍රීඩා පිටියේ සිටි සියලු දෙනා පුල පුලා බලා සිටි එල්ලේ පිරිමි අංශයේ අවසන් තරගය දිනයේ සවස් භාගයේ දී ආරම්භ විය.අවසන් තරග වටය සදහා කලා පීඨයේත් වාණිජ හා කළමණාකරණ පීඨයේත් ක්‍රීඩකයින් සුදුසුකම් ලබා තිබුණි.ජය පැරදුම අතර දෝලනය වූ පන්දු වාර කිහිපයකින් අනතුරුව එල්ලේ පිරිමි අංශයේ ශූරතාවය දිනා ගැනීමට වාණිජ හා කළමණාකරණ පීඨය සමත් විය.අනු ශූරතාවය කලා පීඨය විසින් දිනා ගන්නා ලදී.
එලෙසින් එල්ලේ සමස්ත ශූරතාවය වාණිජ හා කළමණාකරණ පීඨයට හිමි වෙමින් දිනය පුරා පැවැති එල්ලේ තරග ඉසව්ව නිමාවට පත් විය.

Comments