top of page

EasternWaves

Blog: Welcome
Blog: Blog2
Search

හිරු නැගෙන සරසවි ඩිජිටල් වෙසක් කලාපය...

අප ගෞතම අමා මෑණී බුදු රජාණන් වහන්සේගේ අසිරිමත් තෙමගුල සමරන වෙසක් මංගල්‍යය, මෙවර හිරු නැගෙන සරසවිය ෆේස් බුක් පිටුව මගින් "හිරු නැගෙන සරසවි ඩිජිටල් වෙසක් කලාපය" නමින් ඔබ ඉදිරියේ දිග හැරුමට නැගෙනහිර විශ්වවිදයාලයීය මාධ්‍ය එකමුතුව විසින් සියළු කටයුතු සූදානම් කර ඇත.


ආමිස පූජාවන්ට මුල් තැන දෙමින් වෙසක් උත්සවය තේමා කරගත් තරග රැසක් සහ විශේෂ වැඩසටහන් කිහිපයකින්ද මෙම වෙසක් කලාපය වර්ණ ගැන්වීමට අප කටයුතු යොදා ඇත.ඒ අතර



1.වෙසක් කවි / ගී නිර්මාණ අංශය


2.වෙසක් කාඩ් පත් නිර්මාණය අංශය

- අතින් නිර්මාණය කරන ලද කාඩ්පත්

- ඩිජිටල් කාඩ් පත්


3. වෙසක් චිත්‍ර නිර්මාණ අංශය


4.වෙසක් පහන් කූඩු අංශය


5. වෙසක් කෙටි කතා හා රචනා අංශය


6. වෙසක් බැති ගී ගායනා අංශය


යනාදී අංශ වලින් තරග පැවැත්වෙන වේ. ඒ සදහා හැකියාව ඇති සියළු දෙනාට නිර්මාණ එවා අප හා එක් වන ලෙස බැති සිතින් ආරාධනා කරමු.



"""""""""""""""""""""""""""""""""""""""""""""'''''''''''''''''''''''''''''''''''''


තරග නීති රීති හා කොන්දේසි




තරඟ අංශය 01


වෙසක් කාව්‍ය නිර්මාණය | ගීත නිර්මාණය


* ඔබේ නිර්මාණය වෙසක් හා සම්බන්ධ නිර්මාණ විය යුතුය


* වෙනත් ස්ථාන වලින් උපුටා නොගත් ඒවා විය යුතුය


* ඔබ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකු වීම අනිවාර්යය වේ


* එක් තරඟකරුවෙකුට එවිය හැකි නිර්මාණ ගණන 01 කි


* නිර්මාණය එවීම මැයි මස 8 වන්දාට පෙර සිදු කරන්න




තරඟ අංශය 02


වෙසක් කාඩ්පත් නිර්මාණය


* ඔබේ නිර්මාණය වෙසක් හා සම්බන්ධ නිර්මාණ විය යුතුය


* මෙය තරඟ අංශ දෙකකින් සමන්විත වේ...


1. අතින් නිර්මාණය කරන ලද ඒවා

2. ඩිජිටල් වෙසක් පත්


* වෙනත් ස්ථාන වලින් උපුටා නොගත් ඒවා විය යුතුය


* ඔබ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකු වීම අනිවාර්යය වේ


* එක් තරඟකරුවෙකුට එවිය හැකි නිර්මාණ ගණන 01 කි.


* නිර්මාණය එවීම මැයි මස 8 වන්දාට පෙර සිදු කරන්න.




තරඟ අංශය 03


වෙසක් චිත්‍ර තරඟය


* ඔබේ නිර්මාණය වෙසක් හා සමගාමීව නිර්මාණ විය යුතුය


* මෙය තරඟ අංශ දෙකකින් සමන්විත වේ...


1. වර්ණ සිතුවම්

2. පැන්සල් චිත්‍ර


* වෙනත් ස්ථාන වලින් උපුටා නොගත් ඒවා විය යුතුය


* ඔබ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකු වීම අනිවාර්යය වේ


* එක් තරඟකරුවෙකුට එවිය හැකි නිර්මාණ ගණන 01 කි.


* නිර්මාණය එවීම මැයි මස 9 වන්දාට පෙර සිදු කරන්න




තරග අංශය 4


වෙසක් බැති ගී ගායනා


*ඔබ විසින් ගායනා කරන ලද බැති ගීයක් වීඩියෝ පටයක් ආකාරයෙන් අප වෙත එවිය යුතුය.


*එය විනාඩි 4ට නොවැඩි විය යුතුයි.


*මෙම තරගය අංශ 2කින් සමන්විත වේ.

1.කේවල ගායනා

2. යුගල හෝ කණ්ඩායම් ගායනා


*ඔබ විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යයෙකු විය යුතුය .


*එක් අයෙකුට එවිය හැක්කේ එක් නිර්මාණයක් පමණි.


*ඔබේ නිර්මාණ මැයි මස 9ට පෙර එවිය යුතුය.



තරග අංශය 5


පහන් කූඩු නිර්මාණය


*ඔබ විසින් නිර්මාණය කල පහන් කූඩුවේ ජායාරූපයක් අප වෙත එවිය යුතුය.


*වෙනත් තැනකින් උපුටා නොගත් තමන් විසින්ම නිර්මාණය කල එකක් විය යුතුය.


*විශ්වවිද්‍යාලයක ශිෂ්‍යයෙකු විය යුතුය.




තරග අංශය 6


වෙසක් රචනා / කෙටිකතා තරග


*ඔබ විසින් ලියන ලද වෙසක් උත්සවය හා සබැදි රචනාව හෝ කෙටිකතාව අප වෙත එවිය යුතුය.


*මෙය වචන 1000කට නොවැඩි විය යුතුය.


*වෙනත් තැනකින් උපුටා නොගත යුතුය.


*ඔබ විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යයෙකු විය යුතුය.


*එක් අයෙකුට එවිය හැක්කේ එක් නිර්මාණයක් පමණි.




ඔබේ සියළු නිර්මාණ


Vesak.eusl@gmail.com


වෙත හෝ හිරු නැගෙන සරසවි ෆේස්බුක් පිටුවට යොමු කරන්න.


* නිර්මාණය සමඟ ඔබේ නම විශ්වවිද්‍යාලයීය , දුරකතන අංකය එවීම අනිවාර්යය වේ.


*කිසිදු තරගයක් like හෝ react මත පදනම්ව තෝරා ගනු නොලැබේ..


*ජයග්‍රාහකයන් තෝරා ගැනීම විනිශ්චය මණ්ඩලයක් මගින් සිදු කෙරේ.


*ජයග්‍රාහකයන්ට වටිනා සහතික පතක් හිමි වේ.





රටේ වර්තමානයේ උද්ගත වී තිබෙන කණගාටුදායක තත්වය හේතුවෙන් වෙන වසර වල මෙන් සීල භාවනා වැඩසටහන්, වෙසක් සැරසිලි, තොරණ් ,දන්සල්, ආදී කිසිවක් පැවැත්වීමට නොහැකි පසුබිමක, උතුම් වූ 2564 වන සම්බුද්ධ ජයන්තිය සැමරීමේ බොදව ගිය සප්නය හැකි පමණින් හෝ යතාර්ථයක් කර ගැනීමට නැගෙනහිර විශ්වවිද්‍යාලයීය මාධ්‍ය එකමුතුව ලහි ලහියේ සූදානම් වෙමින් සිටී.. ඒ දරන්නා වූ ප්‍රයත්නය සඵල කර ගැනීමට මෙත් සිත් පෙරදැරිව අප හා අත්වැල් බැදගන්නා මෙන් පහන් සිතින් යලිත් ඔබට ආරාධනා ඇරයුම් කරමු.



සටහන- kasuni subasinghe





 
 
 

Commentaires


+94717758133

Eastern University of Sri Lanka, Vantharumoolai , Chenkaladi, Batticaloa, Sri Lanka

  • facebook

©2020 by EasternWaves

bottom of page