හිරු නැගෙන සිප් සයුර...
- Eastern Waves
- May 4, 2020
- 9 min read

සටහන-දිනූෂ සපුමල් ගුණරත්න(චොපර්)
"පුංචි මහත්තයා,මහන්සිත් ඇති නෙ අපි තේ ටිකක් බීලම ඉමුද?"
දත් තිස් දෙකම පෙන්නලා හිනාවෙන ගමන් මාමා කෙනෙක් මගෙන් එහෙම ඇහුවා අද වගේ මතකයි..
"මට මහත්තයා කියන්න එපා මාමේ...හරි ,අපි මේ පංතියෙ පොඩි එවුන් ටිකත් එක්කම තේ ටිකක් බොන්නං මාමේ...මං උත්තර දුන්නා එහෙම.
"හරි නංගිලා මල්ලිලා සේරමල්ලා මේ අහගන්න.....දැන් රෑ වෙලා මහන්සිත් ඇතිනෙ,..එහෙනං පොඩි ඉන්ටර්වල් එකක් දෙන්නං විනාඩි දහයයි හරිද?...බිස්කට් කන එවුන් බිස්කට් කාලා තේ බොන එවුන් තේ බිලා චූ කරන එවුන් චූ දාලා ඉක්මනට එන්න ඕන් හරිද............??"
එහෙම කියනවත් එක්කම පොඩි එවුන් ටික හිනාවෙවී කච කච ගගා දුවන්නෙ ලැබිච්ච නිදහසින් ප්‍රයෝජන ගන්න..
ආයෙ සද්දයක් දැම්මෙ නැත්තං මලාට විනාඩි දහයෙන් ගෙන්න ගන්න වෙන් නෑ ඉතින්😁
ඔය අතරතුර කාලේ අර ලමයින්ගෙ අම්මල තාත්තලා බොහොම අමාරුවෙන් හරි හම්බ කරල බිස්කට් ,තේ ,බනිස් වගෙ එක එක කෑම ජාති ගෙනල්ලා දෙන්නෙ ඒ මිනිස්සුන්ගෙ හිතේ තියෙන ලෙන්ගතුකම,අපි කරන මේ වැඩේට ඒ මිනිස්සුන්ගෙ හිතේ තියෙන කැමැත්ත පෙන්නන්න කියලයි මට හිතෙන්නෙ,,....
හරි මං දැන් තමයි සීන් එකට එන්ටර් වෙන්න යන්නෙ.මොකද්ද යකෝ මූ මේ ලියල තියෙන්නෙ කියල ස්පොයිල් වුනා නං ඔන්න දැන් තමයි මං පටන් ගන්නෙ වැඩේ....😁😁😁😁
මං කියන්නෙ යන්නෙ සිප් සයුර ගැන...මේක කියෙව්වම ඒක වෙන්නෙ කොහොමද මොකද්ද මේ කියන එක ගැන දල අදහසක් ගන්න පුලුවන් වෙයි කියල මං හිතනවා..
මොකද්ද මේ සිප් සයුර???????
ඇතතටම සිප් සයුර කියන්නෙ නැගෙනහිර විශ්ව විද්‍යාලයීය විද්‍යා පීඨය මගින් කරගෙන යන අධ්‍යාපනික වැඩසටහනක්..........සරලවම කිව්වොත් ගුරුවරු අඩු,අඩු පහසුකම් තියෙන ගම්බද ඉස්කෝල වලට සෙනසුරාදයි ඉරිදයි දවස් දෙකේ උගන්නනවා.......
ඊලගට එන ප්‍රශ්නෙ තමයි උගන්නෙ කවුද කියන එක?????????
නැගෙනහිර විශ්ව විද්‍යාලයීය විද්‍යා පීඨයේ සහෝදර සහෝදරියො ටික තමයි මේ විදියට උගන්නන්නෙ..සමහර අවස්තාවල වෙනත් පීඨවල සහෝදර සහෝදරියොත් මේකට සම්බන්ද වුනා මට මතකයි..
මේක කරන්න සල්ලි කොහෙන්ද ?මේ ඉස්කෝල හොයාගන්නෙ කොහොමද වගේ ප්‍රශ්න වලට හිතට ආවද???හරි අපි ඒවත් හෙමින් සීරුවෙ බලමු...
ඇත්තටම සිප් සයුර කරන්න යන මුදල හොයාගන්නෙ කැට ගිහින්...කැට යනවා කියන එක නොදන්න කවුරුත් ඉන්න විදියක් නෑනේ..මොකද කොයි වෙලෙ බැලුවත් කැට උස්සන් කැම්පස් ලමයි පාරෙ...ඉතින් සිප්සයුරට කැට යනවා කිව්වොත් වසර භේදයකින් තොරවම සයන්ස් එකේ බැච් ටික පාරට බැහැලා වැඩේ පටන්ගන්නවා......
ගිනි අව්වෙ පිච්චි පිච්චි උදේ ඉදන් හවස් වෙනකම්ම කඩවල් ගානෙ මිනිස්සු ගානෙ ගිහිල්ලා ඒ මිනිස්සු සතුටින් දෙන කීයක් හරි කැටේට එකතු කරගන්නෙ සිප් සයුර ගැන විස්තරත් ඒ මිනිස්සුන්ට කියන ගමන්....ඉතින් හම්බෙන ගොඩක් මිනිස්සු තමන්ට පුලුවන් විදියට කීයක් හරි කැටේට දාලා යනවා...ඔය අතර සමහර අයගෙන් බැනුම් අහපු අවස්තාත් ඇති ඕනෙ තරං...
ඒත් හවස් වෙද්දි කැටේ පිරෙද්දි කාපු කට්ට අමතක වෙලා යනවා.....ඊටත් වඩා පට්ටම සතුටු කැට ගනන් කරද්දි....කට්ටියම සෙට් වෙලා කැටේ ගනන් කරනකන් බලන් ඉන්නෙ කවුද වැඩිපුරම ආදායමක් ගෙනාපු කැටේ කියල බලන්න....වැඩිපුරම ආදායමක් ගෙනාපු සෙට් එක තමා ඉතින් එදාට හොස්ටල් එකේ වැඩ්ඩො වගේ ඉන්නෙ😁😁😁😁
සල්ලි හොයාගන්න තව වැඩක් කරනවා..ඒ තමයි සිප් සයුරට T shirt එකක් ගහලා ඒක විද්‍යා පීඨයේ සහෝදර සහෝදරියන්ටම විකුනනවා.ඒකෙන් ආදායමක් වගේම සිප් සයුර ගැන පොඩි පබ්ලිසිටියකුත් ලැබෙනවා.
මීට අමතරව සමහර වෙලාවට සිප්සයුර පේජ් එකට කතා කරල අධාර හම්බුනු අවස්තා තියෙනවා.කැම්පස් එකේම අයියල අක්කලා තමන් පට්ට අමාරුවෙන් රෝලක් ගහල ඉතුරු කරගත්ත සල්ලිත් සිප් සයුර වෙනුවෙන් යොදවල තියෙනව.ඒ වගේම තලා අයියලා ලෙක්චර්ස්ලගෙනුත් අධාර එකතු කරගත්තා මතකයි.
සල්ලි හොයාගන්නෙ ඔහොම.. ඊට පස්සෙ ඉස්කෝල හොයාගන්න විදිහ කියන්නංකො.කලාප කාර්‍යාලයට ගිහින් අවසර අරන් ඊට පස්සෙ ඉස්කෝලෙ විදුහල්පතිවරු එක්ක කතා කරන්න යනවා..මට මතකයි චිලි අයියා,තලා අයියා,යකා ගිහින් ඒ විදියට ඉස්කෝල ටික සෙට් කර ගත්තා.
ගිය අවුරුද්දෙ
පොල්ලෙබැද්ද,ඉද්දපොල,වරාපිටිය,දඹදෙනිය,නුවරගලතැන්න,හරස්ගල,සේරන්කඩ,කලුකැලේ,ඇල්ලෙවැව,කාශ්‍යප කියන ඉස්කෝලවල තමයි අපි සිප්සයුර වැඩසටහන කරෙ..
සරලවම කිව්වොත් මෙන්න මේ ඉස්කෝල දහයට හැම සති අන්තෙකම උගන්නලා එන එක තමයි අපි කරෙ..කොල්ලො කෙල්ලො කිසිම බේදයක් නැතිව අපි හැමෝම ගියෙ පොඩි එවුන්ට මොනාහරි ටිකක් උගන්නලා එන්න.
ඔය විදියට ඉස්කෝල වලට කතා කරාම ඒ ඉස්කොලෙ විදුහල්පතිවරු සාමාන්‍යපෙල ලියන්න ඉන්න ලමයින්ගෙ දෙමව්පියන්ට රැස්වීමක් අරගන්නවා..ඊට පස්සෙ වැඩසටහන ගැන විස්තර දෙමව්පියන්ට කියල ලමයි සම්බන්ද කරවීම කියන වගකීම විදුහල්පතිතුමා ගන්නවා.ඔන්න ඔහොමයි ඒ වැඩ ටික වෙන්නෙ..
කැට ගිහිල්ලා හොයන සල්ලි වලට මොකද කරන්නෙ?????????
සිප්සයුරට වෙනම account එකක් තියෙනවා...කැට වලින් හම්බෙන සල්ලි ,අර මං කිව්ව විදියට අධාර විදියට හම්බෙන සල්ලි,T shrit සල්ලි ඔක්කොම එක සතයක් නෑර මේ ගිණුමට දානවා..කාගෙවත් පෞද්ගලික ගිනුම් වල ඒ සල්ලි දාන්නෙ නෑ....
ඊලගට එන ප්‍රශ්නෙ තමයි මෙච්චර කට්ටක් කාලා මේ සල්ලි හොයන්නෙ ඇයි කියන එක???????
ඇත්තටම කිව්වොත් පොඩි එවුන්ට ඕන වෙන ටියුට්,පේපර් ,ෆයිල් වගෙ සේර්ම ප්‍රින්ට් කරන්නෙ මෙන්න මේ සල්ලි වලින්.ඊට අමතරව කැම්පස් එකේ ඉදන් ඒ ඉස්කෝල වලට යන්න සල්ලි දෙන්නෙ මෙන්න මේ සල්ලි වලින්.ඒ වැඩේ වෙන්නෙ මෙන්න මෙහෙමයි.
සාමාන්‍යයෙන් එක ඉස්කෝලෙකට උගන්නන්න 4 දෙනෙක් යනවා(ගිය අවුරුද්දෙ නං සමහර වෙලාවට 6 දෙනෙක් විතරත් ගියා)ඔය විදියට ඉස්කෝල දහයකට විතර උගන්නන කට්ටිය යනවා.ඉතින් එත්කොට යන්නයි එන්නයි බස් ගාස්තු දෙන්නෙ මෙන්න මේ කැට සල්ලි වලින් තමයි.
උදාහරනයක් කියන්නංකෝ,ඇල්ලෙවැව කියල ඉස්කෝලයක් තියෙනව දිඝුලාගල කිට්ටුව.ඉතින් අපේ කැම්පස් එක ගාව ඉදන් මඩකලපු හංදියට යන්න රුපියල්120ක් ගන්නවා..එතනින් බැහැලා මඩකලපු හංදියෙ ඉදන් ඇල්ලෙවැවට යන්න රුපියල් 50ක් ගන්නවා..එත්කොට යන්න වියදම 170යි..එන්නත් ඔය ගානම යනවනෙ.එතකොට එක්කෙනෙක්ට බස් ගාස්තු විදියට රුපියල් 340ක් යනවා..ඔය එක්කෙනෙක්ට යන වියදම.ඔය වගෙ හතර දෙනෙක්වත් එක ඉස්කෝලෙකට යනවා..
ඒ වගේ ඉස්කෝල දහයකට විතර උගන්නන්න හැම සතියෙම නැගෙනහිර කැම්පස් එකෙ සයන්ස් එකෙ එවුන් ටික යනවා.
ඉතින් සතියකට මොනර කොල සෑහෙන්න වියදම් වෙනවා බස් ගාස්තු වලට.....
අර අහවල් රටේ අහවල් ඇමතියෙක් කිව්වෙ කැම්පස් කොල්ලො කැට සල්ලි වලින් කසිප්පු ගහනවා කියල..අනේ ඉතින් මොකට කතා කරනවද ඕවා ගැන.....
එතකොට කෑම බීම,සෙනසුරාද රෑ ඉන්න තැනක්????????
ඒක වෙන්නෙ මෙහෙමයි ,කෑම ගෙන්න සතියෙන් සතිය අම්මලට බෙදල දීල තියෙන්නෙ ඉස්කෝලෙ ප්‍රින්සිපල් සර්...අපි ඔය කාලසටහනකට අනුව පංතිය අතුගෑවේ..අන්න ඒ වගෙ දෙමව්පියොන්වත් බෙදල තියෙන්නෙ....මේ සතියෙ මෙන්න මේ දෙමව්පියො එකතු වෙලා කෑම දෙන්න ඕන..ඊලග සතියෙ මෙන්න මේ දෙමව්පියො ටික කියල ලස්සනට වැඩෙ කරනවා..
ඒ මිනිස්සු ඒ මිනිස්සුන්ට පුලුවන් උපරිමයෙන් දෙනවා කියන්න වචන නෑ... වැව් මාලු,මස්,බිත්තර වගේ දෙයක් එක්ක පට්ට රහට එලවලුවක් හදලා දෙනව..ඒ වගේම පලාවක් වරදින්නෙම නෑ බත් එකේ.දිව්‍යලෝක රහයි ඒ බත් එක.
සෙනසුරාදා රෑ නතර වෙන්නෙත් ඒ ඉස්කෝලෙ ලමයෙක්ගෙ ගෙදර.ඒ ගෙදර හොයල දෙන වැඩෙ කරන්නෙ ප්‍රින්සිපල් සර් තමයි.අපි ඉතින් ඇග හෝදල කෑම ටික කාල ඇදට වැටෙනවා ඊලග දවසෙ උගන්නන්න ඕන නිසා.
සිප් සයුර ගිහින් මොනාද උගන්නන්නෙ????????
අපි සිප්සයුර ගිහින් උගන්නන්නෙ ගණිතය හා විද්‍යාව කියන විෂයන් දෙක..ඒක යන කට්ටිය බෙදාගෙන උගන්නනව...ඒ කිව්වෙ සෙනසුරාදා විද්‍යාව ,ඉරිදා ගණිතය.එහෙම නැත්තං සෙනසුරාදා ගණිතය,ඉරිදා විද්‍යාව.සමහර වෙලාවලට සෙනසුරාදා ව්ද්‍යාවත් උගන්නලා ගණිතයත් උගන්නනවා.
සමාන්‍යයෙන් අපි සිප් සයුර පටන් ගන්නෙ මැයි -ජුනි වගේ වෙද්දි..ඉතින් ප්‍රධාන පාඩම් සේරම ඉවර කරලා පේපර් කරන එක තමයි අපේ ටාගට් එක වෙන්නෙ.
උදේ ඉදන් උගන්නලා හවස් වෙද්දි යන්න දෙනවද?????
අපෝ නෑ...අපි සෙනසුරාදා උදේම පටන් අරන් දවල් වෙද්දි කෑම කන්න පොඩි ඉන්ටර්වල් එකක් දෙනවා...ඊට පස්සෙ ආයෙ හවස හතරට විතර නවත්තලා හයට විතර පටන් ගන්නවා.මේ අතර මැද කාලෙ අපි කරන්නෙ වැවකට ගිහිල්ලා හොදට නාගන්න එක..පොඩි එවුන් ටික ගෙදර ගිහින් නාගෙන එද්දි අපිට හඩ්ඩො වගේ ඉන්න බෑනෙ ඉතින්😁😁
හවස ඉවර කරන වෙලාවයි පටන් ගන්න වෙලාවයි ඉස්කෝලෙන් ඉස්කෝලෙට වෙනස්.සමහර ඉස්කෝල වල 3ට ඉවර කරල 5ට පටන් ගද්දි සමහර ඉස්කෝල වල 4ට ඉවර කරල 6ට පටන්ගන්නවා.බස් යන වෙලාවල් බලල තමයි ඒක තීරනය වෙන්නෙ..ඊට පස්සෙ හයට පටන් ගත්තා කියමුකො.හයේ ඉදන් ආයේ රෑ 10 වෙනකම් විතර උගන්නනවා.මෙන්න මේ අතර මැදදි තමයි අම්මලා තාත්තලා තේ අරන් එන්නෙ..අපිටයි,පොඩි එවුන් ඔක්කොටමයි තේ, බිස්කට් ගේනවා.අර මං උඩින් කියපු දෙබස ඇල්ලෙවැව ඉස්කෝලෙදි මෙන්න මේ වගෙ වෙලාවක වෙච්ව දෙයක්..ඉතින් සමහර ගම් වලට අලින්ගෙන් ප්‍රශ්න තියෙන නිසා 8-9අතර වෙලාවට ඉවර කරන්න සිද්ද වෙනවා..ඉතින් සෙනසුරාද රෑ වෙනකන් ඔහොම උගන්නලා ඉවර උනාම ගෙදර වැඩකුත් දිලා හෙට උදෙන්ම එන්න කියල පොඩි එවුන් ටික පිටත් කරනවා.
ඉරිදා උදෙන්ම පටන් අරන් හවස 3-4 විතර වෙනකන් උගන්නනවා.විශය දැනුමට අමතරව අපිට ජීවිතේ වෙච්ව අත්දැකීම් වගේම හොද දේවලුත් උගන්නන්න අපි අමතක කරන්නෙ නැ.ඉතින් මේ විදියට සාමන්‍ය පෙල විභාගය කිට්ටු වෙනකම්ම අපි එක දිගට මාස හය හතක් පොඩි එවුන්ට අපි දන්න හැමදේම උගන්නනවා.
සිප් සයුර කරනවා කියල සති අන්තෙ මේ විදියට උගන්නන එකද කරන්නෙ???
අපෝ නෑ.සාමාන්‍ය පෙල විභාගය කිට්ටු වුනාම අපෙ සම්මන්ත්‍රණ මාලා කරන්න පටන් ගන්නවා.ගිය අවුරුද්දෙ අම්පාර හිමිදුරාව,අම්පාර ගලහිටියාගොඩ, වලපනේ ඵුස්සදේව,වලපනේ කීර්තිබන්ඩාරපුර,මන්දාරම්නුවර දිගලහින්න,ත්‍රි/ජයන්ති වගේ ඉස්කෝලෙ වල සම්මන්ත්‍රණ කරන්න අපිට පුලුවන් උනා.
මේ සම්මන්ත්‍රන ව්ල විශේෂත්වය තමයි මේවා එක්දින සම්මන්ත්‍රණ නෙමෙයි.අපි සාමාන්‍යෙන් දවස් තුනක් විතර මේ සම්මන්තරණය කරනවා.සමහර වෙලාවට වෙනත් ගුරුවරුන්ගෙ පන්ති වැටුනම සම්මන්ත්‍රනය දවස් දෙකකට සීමා කරන්න වුනු වෙලාවලුත් තියෙනවා.
සෙමිනා කරද්දි අපි නතරවෙන්නෙ අපේම කැම්පස් එකේ යාලුවෙක්ගෙ ගෙදර එහෙමත් නැත්තං කැම්පස් ඉදලා අවුට් උනු අයියා කෙනෙක්ගෙ ගෙදර.....කන්න ,බොන්න හැමදෙයක්ම දෙන්නෙ ඒ නවතින ගෙදරින් තමයි😁
සෙමිනා එකක් කරද්දි කවමදාවත් අපි හැටට හැටේ කඩාගෙන බිදගෙන උගන්නගෙන උගන්නගෙන යන්නෙ නෑ.......හෙමින් සැරේ පොඩ්ඩ පොඩ්ඩ ඔලුවට දාන ගමන් නිතරම විහිලුවෙන් උගන්නනවා...ඉතින් පොඩි එවුන් ටිකත් හරිම ආසාවෙන් ඉගෙනගන්නවා........අපේ කැම්පස් ජීව්තේ ගැන කියනවා...හන්තානේ ගැනත් කියනවා😁😁😁පොඩි එවුන් කවදාවත් අහල නැති,දැකල නැති හීන ලෝකවලට උන්ව එක්කන් යන්න අපිට පුලුවන් වුනා......මොකද ඕනම දෙයක් පටන් ගන්නෙ හීනයකින් එහෙමත් නැත්තං බලාපොරොත්තුවකින් නිසා.....
ඉතින් ඔය අතරෙම උන්ට ඉගෙන ගන්න එකේ වටිනාකම කියල දීලා පිස්සු නට නට හිටියොත් වෙන දේ කියල දීලා උන්ව හරි පාරට ගන්නයි අපිට ඕන කරන්නෙ.....සමහර විට කියවන ඔයාලට හිතෙයි අවුරුදු ගානක් තිස්සෙ අම්ම තාත්තට හදන්න බැරි වුනු එවුන් එක සෙමිනා එකකින් හැදෙයිද කියල...ඔව් එහෙම වෙලා තියෙනවා...සෙමිනා එක ඉවර වෙද්දි සමහර පොඩි එවුන් තනියම ඇවිල්ල අඩ අඩ කතා කරනවා "අයියෙ,අක්කෙ මං මේ වැරැද්ද කරා මට සමාවෙන්න..මං මේ දේවල් නතර කරල හොදට ඉගෙන ගන්නවා මගෙ අම්ම තාත්තා වෙනුවෙන් ....."කියල අපිට පොරොන්දු වුනා අවස්තා පවා තියෙනවා....රිසාල්ට් එද්දි ඒ නංගිලා මල්ලිලා හොදට පාස් වෙලා මාරම සතුටෙන් කතා කරන්නෙ අපිට පිං දිදී.......
සෙමිනා එක පොඩි එවුන්ගෙ හිතට කොච්චර හිතට අල්ලනවද කිව්වොත් සමහර වෙලාවට ,
"මේ සෙමිනා එක රෑ 1 වෙනකන් කරන්නකො අපිට මහන්සි නෑ අයියෙ....."කියල චිට් එවල තියෙනවා...
ඉතින් අපි පේපර් කරලා අපිට පුලුවන් හැමදේම කියල දීලා සෙමිනා ඉවර කරන්න වෙද්දි තමයි ලොකුම අවුල වෙන්නෙ....පොඩි එවුන්ට වගේම අපිටත් සෑහෙන්න අවුල්....දවස් තුනක් තිස්සෙ උන් එක්ක හිනාවෙලා ඉදලා දැන් යන්න යද්දි ගොඩක් පොඩි එවුන් අඩනවා..එත්කොට දැනෙන දුක නං දරාගන්න අමාරුයි..😔😔😔😔😔.ආයෙ දවසක් එනවා කියන පොරොන්දුවට තමයි අපිට යන්න දෙන්නෙ.....සෙමිනා එක ඉවර වෙලා අපි යන්න යනවත් එක්කම සේරම පොඩි එවුන් ටික ඇවිල්ලා අපිට වදිනවා එපා කියද්දි.....සමහර විට උන්ගේ හිතේ අපි ගැන තියෙන ලෙන්ගතුකම පෙන්නන්න වෙන්න ඇති.......උන්ට අපිව වටිනව ඇති...........පොඩි එවුන්ට හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරලා අපි උන්ගෙන් සමුගන්නවා😑😔😔
ඉතින් ඔන්න ඕක තමයි සෙමිනා වල කතන්දරේ....
සිප් සයුරෙ ප්‍රතිඵල කොහොමද ?????මේ මහන්සියෙ තේරුමක් තියෙනවද???
අනිවාරෙන්ම....අපි හිතනවටත් වඩා පොඩි එවුන්ට මේක උදව්ව්ක් වෙනවා...සමහර වෙලාවට ගුරුවරුන්ගෙන් අහන් නැති ප්‍රශ්න අපෙන් අහලා ඒ දේවල් විසදගන්න එයාලා පෙලඹෙනවා....අපි වෙහෙසක් දැනෙන් නැති විදියට කම්මැලි හිතෙන් නැති විදියට උගන්නලා අපිට පුලුවන් උපරිමය කරනවා...
අපිට ඕන ෆේල් වෙන්න ඉන්න එකාට S එකක් අරන් දෙන්න...S එකක් ගන්න ඉන්න එකාට C එකක් අරන් දෙන්න...කොහොමහරි එකෙක්වත් ෆේල් වෙන්න නොදී උසස්පෙල කරන මට්ටමකට පාස් කරවන්න...මුල්ම කාලෙ එකතු කරන්න අඩු කරන්නවත් බැරිව හිටපු පොඩි එවුන් රිසාල්ට් ආවම S එකක් අරන් කතා කරන්නෙ පට්ටම සතුටින්.....
ඒ වගේම A,B ගත්තු පොඩි එවුනුත් ඉන්නවා මේ ඉස්කෝල වල...
ඉතින් ඔය මං කිව්වෙ සිප් සයුර ගැන...ඒක මේ අද තියෙන තැනට ගේන්න සමහර මිනිස්සු පට්ට කට්ටක් කෑවා.......දිවා අයියලගෙ බැච් එකේ ඉදන් මේ වෙනකම්ම සිප් සයුර අමාරුවෙන් ඇදගෙන ආපු අයියලා අක්කලා හැමෝටම ගොඩක් පිං.....ඔය අතර මං දැකපු චරිත දෙක තුනක් ඉන්නවා නොකියම බැ....
තලා අයියා දවසක් මං සුනාමි හොස්ටල් එකට යද්දි හම්බුනා තෙමීගෙනම එනවා අම්බානක...කොහෙද ගියෙ අයියෙ කියල ඇහුවම සිප්සයුර ෆයිල් ටික print කරන්න දෙන්න ගියා බං කිව්වා....කැම්පස් එකෙන් out වෙනකම්ම හැම අවුරුද්දකම සිප් සයුර ගියා....සමහර වෙලාවට රිපීට් එක්සෑම් එකක් සදුදා සෙට් වෙද්දි ඒත් සිප්සයුර ගියා මට මතකයි.....
ඊලගට චිලි අයියා,දවස තුන හතර එක දිගට සෙමිනා කරන්නෙ.....පේජ් එකෙ වැඩත් කරන ගමන් මේකත් කරේ පට්ට උනන්දුවකින්...ආයේ පේජ් එකේ හැම සතියෙම වගේ පොස්ට් එකක් දාලා මාරම ප්‍රමෝට් එකක් දුන්නා.ආයෙ සිප් සයුර ගැන වීඩියෝ හැදුවා පුම්බලා ,ගොයියා අයියලත් එක්ක එකතු වෙලා....මහන්සියක් නං අදාලම නෑ චිලි අයියට....චිලි අයියා ගිය හැම සෙමිනා එකටම වගේ මමත් ගියා ඒ උගන්නන හැටි පට්ට ආසාවෙන් පැත්තකට වෙලා බලන් හිටියා.......ඒ ගැම්ම තාමත් එහෙම්මමයි....
ඊලගට අපේ බැච් එකෙන් යකා...අපෙ බැච් එකෙ වැඩ ටික බැලුවෙ මූ...මට හොදට මතකයි end semester exam තියාගෙන පවා හැම සතියෙම සිප්සයුර ගිය හැටි......මාරම උනන්දුවකින් වැඩ ටික හොයල බලලා කරල දුන්නා...
ඊලගට අපේ ජුනීයර් බැච් එකේ කොල්ලො කෙල්ලො ටික....උන් සෙට් එකත් සුපිරියට සිප්සයුර කරන් ගියා...පේපර් හදලා ,පේපර් ටයිප් කරල සිප් සයුර ගිහිල්ලා පට්ටම සපෝර්ට් එකක් දුන්නා.....
ඉතින් ඔය මං නම් වශයෙන් කිව්වෙ මං දැකපු බැච් එකක වගකීම් ටික කරට අරන් කරපු සෙට් එක..කාගෙ හරි නමක් කියන්න අමතක වුනා නං තරහ වෙන්න එපා.....ඒ වගේම තමයි සිප් සයුර ගිය හැම කෙනෙක්ම මේකේ කොටස්කාරයො....මොකද මේක තනියම කරන්න පුලුවන් දෙයක් නෙවෙයි....කට්ටියගෙම එකමුතුව ,උදව් තිබුනු නිසා තමයි මෙච්චර ඉස්කෝල ගානකට අපිට සිප්සයුර වැඩසටහන ගෙනියන්න පුලුවන් වුනේ.ඒ නිසා උදේ පාන්දර ඇහැරල පොඩි එවුන් වෙනුවෙන් ඒ මහන්සි වුනු හැමෝම ගොඩක් ආදරයෙන් මම මතක් කරන්න කැමතියි....පොඩි එවුන්ට එක අකුරක් ඉගැන්නුවත් අන්න ඒ හැමෝම මේ පිනේ කොටස් කාරයො....ඉතින් මේක මේ අද තියෙන තත්වෙට ගේන්න පුලුවන් වුනේ එදා දිවා අයියලගේ බැච් එකෙන් මේ සිප්සයුර පටන් ගත්තු නිසා..ඉතින් ඒ අයියලා අක්කලව ගොඩක් ආදරෙන් මතක් කරනවා මේ වෙලාවේ😍😍
කට්ටිය කොච්චර උනන්දුවෙන් මේ සිප්සයුර කරාද කීවොත් මට මතකයි සමහර දෙමල කෙල්ලො ,සිංහල ඉස්කෝල වලට සිංහල එවුන් එක්කම සිප්සයුර ගියහැටි...ජාති බේද තිබ්බෙ නෑ අපේ එවුන් සිප් සයුර ගියෙ එකට............ඒක නේද අද රටට වෙන්න ඕන......හැබැයි වෙන්නෙ නැත්තෙත් ඒකමයි....අපි දන්න කාලෙ ඉදන්ම මේ රටේ ජාති විදියට බෙදිලා මරාගන්නවා.😔😔😔මේ විදියට හරි ඒ දේවල් නතර වෙන්නයි ඕන....
සයන්ස් එකෙ හිටපු හැමෝම මේකට වචනෙකින් හරි උදව් වෙලා තියෙනවා අනිවාර්යෙන්.....ඒ වගේම තමයි මම නොදන්න තව ගොඩක් අය සිප් සයුරට තමන්ගෙ මුදල් පරිත්‍යාග කරන්න ඇති...තව ගොඩක් අය ඔහොම සිප්සයුර කරගෙන යද්දි නවාතැන් පහසුකම් දෙන්න ඇති,ගොඩක් විදි වලින් මේ සිප් සයුර කියන දේ අද තියෙන තැනට ගේන්න උදව් කරන්න ඇති....ඉතින් ඒ හැමෝගෙම නම් මෙතන ලිව්වොත් මට මෙතන නම් ලියල ඉවරයක් කරන්න වෙන්නෙ නැ..මොකද ඒ තරමටම කට්ටියගෙ උදව් උපකාර මෙ වැඩේට ලැබුනු නිසා තමයි අද මේ වගේ ලස්සනට සිප්සයුර කරන්න පුලුවන් වෙලා තියෙන්නෙ..උඩ සමහරක් අයගෙ නම් සදහන් කරල තියෙන්නෙ මේක කියවන අලුත් පරම්පරාවේ අයට ,කැම්පස් එකට එන්න ඉන්න අයට කොහොමද මේ දේවල් වුනේ ,එකපාරට මේ දෙවල් ගොඩනැගුනෙ නෑ කියන එක පෙන්නන්න මිසක් වෙනත් කිසිම අරමුණකින් නෙමෙයි....සරලවම කිව්වොත් මම එහෙම ලිව්වෙ"අඩෝ අපිත් සිප්සයුර ගිහින් මෙහෙම කරන්න ඕන" වගේ එකක් අලුතෙන් එන්න ඉන්න උන්ගෙ හිත්වලට කාවද්දන්න ඕන නිසයි..බැච් වශයෙන් ඒකේ වගකීම් ගත්ත අයව මතක් කරේ අන්න ඒ නිසයි...හැබැයි ඒකේ තේරුම ඒ නම් සදහන් කරපු අය විතරක් නෙමෙයි සිප්සයුර මේ තියෙන තැනට ගේන්න මහන්සි වුනේ....මං මෙතන නම් සදහන් කරේ නියෝජනයක් විදියට වගේම අලුත් පරම්පරාවට ආදර්ශයක් ගන්න විතරයි..........ඒ නිසා මාත් එක්ක කවුරුත් අමනාප වෙන්න එපා කියල ගොඩක් ආදරයෙන් ඉල්ලනවා.....😘😘😘😘
ඒ නිසා මං ගොඩක් ආදරයෙන් ආයෙ ආයෙමත් මතක් කරනවා සිප්සයුර පටන් ගත්තු දවසෙ ඉදන් මේ වෙනකම්ම හයියට හිටපු අයියලා අක්කලා හැමෝමත්,මගේ එවුනුත්,මගෙ ජූනියර් බැච් එකේ නංගිලා මල්ලිලා හැමෝමත්..😘😘😘😘😘ඉතින් කවුරුත්වම පොඩ්ඩ්කවත් තරහ වෙන්න එපා තමන් මෙච්චර මේ වෙනුවෙන් මහන්සි වෙලත් නම සදහන් වුනේ නෑ කියලා...මං අර මුලදි කිව්වා වගේ මේක හැමෝගෙම එකමතුව නිසා කරපු දෙයක්....ඒ හයිය ඉස්සරහත් තියෙයි කියල මං බලාපොරොත්තුවෙනවා..
සරලවම කියනවනම් ආතල් එකෙ කැම්පස් එකට වෙලා දවස් දෙකක් ඉන්න පුලුවන්කම තියෙද්දි,තමන්ගෙ කාලය ,ශ්‍රමය කැප කරලා සිප් සයුර ගිය හැම කෙනෙක්ම,සිප් සයුරට වචනෙකින් හරි දායක වුනු හැමෝමත් මේකේ කොටස් කාරයො..මේ පිනේ කොටස්කාරයො.................
ඉතින් මේ පරත් රිසාල්ට් ආවම ගොඩක් අය කතා කරා....නවීන් මල්ලිලා,සුගන්දි නංගිලා වරුනි නංගිලා,.........තව ගොඩක් පොඩි එවුන් කතා කරා..
"ඔව් උන් හොදට පාස් වෙලා"....
දැං ඇති වගේ ....ලිව්වා වැඩිද මන්දා😁
කෝරෝනා ඉවර වුනු දවසක ආයෙත් යන් පොඩි එවුන්ට අකුරු උගන්නන්න......
#සිප්සයුර
#විද්‍යාපීඨ_සහෝදරත්වය
සටහන-දිනූෂ සපුමල් ගුණරත්න(චොපර්)
Comments