top of page

EasternWaves

Blog: Welcome
Blog: Blog2
Search

හිරු නැගෙන සරසවි ඩිජිටල් සූර්ය මංගල්‍යය 15 වෙනිදා සිට...


එන්න එකතු වෙන්න කිවුවටම බැහැනේ....ගතානු ගතික විදිහට අපගේ ආරාධනාවයි කියලා කියන්නම ඕනෙ නේද? හරි එහෙනම් මම මෙහෙම කියනන්කො,පෙරලියක් ඇති කරන්න, අපිත් එක්ක සහෝදරත්වය බෙදාගමු. Radical දෙයක් වෙනසක් දෙයක් කරන්නයි මේ ලෑස්තිය.අවුරුදු උත්සවයක් digital කරනය කරන්නයි යන්නේ... ඒක වෙනම ආතල් එකක්,මේ වැඩෙ වෙන විදිහ පහලින් දාලයි තියෙන්නේ.කැවුමක කොකිසක රහ හරියටම දැනෙන්න එකක් කාලම බලන්න ඕනේ වචනෙන් කිව්වට බැහැ. මේකත් එහෙමයි ඒක නිසා එකතු වෙලා ම බලන්න,සම්ප්‍රදාය අතිකමණය කරපු තැනක්,කරන්න උත්සාහ දරණ තැනක් එක්ක.... වෙනසකට මුල පුරන ශ්‍රී ලංකා නැගෙනහිර විශ්ව විද්‍යාලයේ මාධ්‍ය ඒකකය එක්ක... මේ වැඩේ මෙහෙම කරන්න් හිතුවේ,මේ වෙලාවේ පැතිරිලා ගියපු,අපි කවුරුත් දන්න වියසනය ඇති කරපු කදුල ටිකක් හරි අපිට පුලුවන් විදියට මකලා දාන්න.එකතු වෙමු අපි...හිරු නැගෙන සරසවි ඩිජිටල් සූර්ය මංගල්‍යය සමගින්...


හිරු නැගෙන සරසවි ඩිජිටල් සූර්ය මංගල්‍යයට ඇතුලත් තරග සහ කොන්දේසි...


  • නැගෙනහිර අවුරුදු කුමරා /කුමරිය 2020


* ඔබ නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන අයෙකු විය යුතුය .

(අනෙකුත් විශ්වවිද්‍යාල සඳහා අයදුම් කල හැකි සරසවි කුමරා/කුමරිය තේරිමේ තරඟයක් ද අප විසින් සූදානම් කර ඇත )


* ඔබේ පැහැදිලි ඡායාරූපයක් පහත E - Mail ලිපිනයට එවිය යුතුය


waveseastern@gamil.com


* එය සමඟ ඔබේ ,

1. නම

2.දුරකතන අංකය

3.පීඨය (Faculty)

4.ඉගෙනුම ලබන වසර (Batch)

ඉහත E- Mail ලිපිනයට එවිය යුතුය.


* ඡායාරූප එවීමට E - Mail පමණක් භාවිතා කරන්න..

වෙනත් කිසිඳු ක්‍රමයක් මගින් එවන චායාරූප ඉවත් කරනු ලබයි !

* ඡායාරූප එවීම 13 වනදා හවස 4 සිට 15 වන්දා උදෑසන 8 දක්වා විවෘත වේ .


* එම දිනයන් පසු වී එවන කිසිඳු ඡායාරූපයක් බාරගනු නොලැබේ.


* E-mail එකෙහි subject එකෙහි " Eastern අවුරුදු කුමරා " යනුවෙන් අනිවාර්යයෙන්ම සදහන් කරන්න.


* 15 වනදා උදෑසන 11 සිට 17 වනදා සවස වනතෙක් ක්‍රියාත්මක වේ.


* ජයග්‍රාහකයින් තේරිම වැඩිම Reaction මත පමණක් සිදුවේ.


- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -- -- - - - - - - - - - - -- - - - - - - - - -

වැදගත් :


* වලංගු React එකක් වීම සඳහා අනිවාර්යයෙන්ම ඔහු හෝ ඇය හිරු නැගෙන සරසවිය පේජයට ලයික් කර තිබීම අනිවාර්යය වේ !




  • සරසවි අවුරුදු කුමරා/කුමරිය


* ඔබ විශ්වවිද්‍යාලයීය සිසුවෙකු විය යුතුය.

(ඕනෑම රජයේ විශ්වවිද්‍යාලයක ඕනෑම අයෙක් )


* ඔබේ පැහැදිලි චායාරූපයක් පහත E - Mail ලිපිනයට එවිය යුතුය

123eusl@gamil.com


* එය සමඟ ඔබේ ,

1. නම

2.ඔබේ විශ්වවිද්‍යාලය

3.දුරකතන අංකය

4.පීඨය (Faculty)

5.ඉගෙනුම ලබන වසර (Batch)

ඉහත E- Mail ලිපිනයට එවිය යුතුය.


* ඡයාරූප එවීමට E - Mail පමණක් භාවිතා කරන්න..

වෙනත් කිසිඳු ක්‍රමයක් මගින් එවන චායාරූප ඉවත් කරනු ලබයි !

* ඡායාරූප එවීම 14 උදේ 7 10 සිට 16 වන්දා උදේ 10 දක්වා විවෘත වේ .


* එම දිනයන් පසු වී එවන කිසිඳු චායාරූපයක් බාරගනු නොලැබේ.


* E-mail එකෙහි subject එකෙහි " University Name - සරසවි කුමරා " යනුවෙන් අනිවාර්යයෙන්ම සදහන් කරන්න.


* අප විසින් ඉල්ලා සිටින ඕනෑම අවස්ථාවක ඔබේ සරසවි හැඳුනුම්පත ඉදිරිපත් කිරීමට හැකියාවක් තිබිය යුතුය .


* ජයග්‍රාහකයින් තේරිම වැඩිම Reaction මත පමණක් සිදුවේ.


* නැගෙනහිර අවුරුදු කුමරා තරඟයට ඉදිරිපත් වූ අයට මෙයට ඇතුළත් විය නොහැකිය


* අප වෙත එවන චායාරූප ලැබුණු පසු අප විසින් එය ලැබුණු බවට පැය 6 ක් ඇතුළත නැවතත් E-Mail එකක් මගින් දැනුම් දෙනු ලබයි..

(ලැබුණු බවට confirm කරනු ලබයි)


එසේ නොවන ඕනෑම අවස්තාවකදි අපෙන් විමසීමක් කරන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමු !!

- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -- -- - - - - - - - - - - -- - - - - - - - - -

වැදගත් :


* වලංගු React එකක් වීම සඳහා අනිවාර්යයෙන්ම ඔහු හෝ ඇය හිරු නැගෙන සරසවිය පේජයට ලයික් කර තිබීම අනිවාර්යය වේ !




  • පැපොල් ගෙඩියේ ඇට ගණන් කිරීම


*ඕනෑ ම විශ්ව විද්‍යාලයක ඕනෑ ම අයෙකුට සහභාගී විය හැකිය.


*15 වෙන දින අප විසින් ඉදිරිපත් කරනු ලබන පැපොල් ගෙඩියේ ඇට ගණන් අනුමාන කර කෙන්ට් කල යුතුය.


*එක් අයෙකුට ලැබෙන්නෙ එක් අවස්ථාවක් පමණි.


*තරග 15 වනදා උදෑසන 10 සිට රාත්‍රී 8 දක්වා විවෘත වේ.


  • හොද ම බොරුව


*ඕනෑ ම විශ්ව විද්‍යාලයක ඕනෑ ම අයෙකුට සහභාගී විය හැකිය.


*ඉදිරිපත් කරන ලද බොරුවේ කමෙන්ට් එකට වැඩි ම reaction සහිත බොරුවට පලමු තැන හිමි වේ.


*තරගය 15 වනදා උදෑසන 8 සිට පසුදා එනම් 16 දා උදෑසන 10 දක්වා විවෘත වේ.


  • කඹ ඇඳීම

*නැගෙනහිර විශ්ව විද්‍යාලයේ පීඨ සදහා විවෘත තරගයකි


*තරග වට තුනකින් සමන්විතය.


*තරගය 14 වනදා රාත්‍රී 7 සිට 16 වනදා දහවල් 2 වන තුරු විවෘතයි.




  • කොට්ටා පොර


*සියලු ම විශ්ව විද්‍යාල සඳහා විවෘත තරගයකි.


*තරග වට කිහිපයකින් යුක්තයි.

තරගය 15 වනදා උදෑසන 8 සිට 17 වනදා

*උදෑසන 8 දක්වා විවෘත වේ.




  • හොද ම පද නිර්මාණය


*ඕනෑ ම විශ්ව විද්‍යාලයක ඕනෑ ම අයෙකුට සහභාගී විය හැකිය.


*ඔබ විසින් නිර්මාණය කරන ලද පද පේලි 12 ට නොඅඩු කවි නිර්මාණයක් comment කල යුතුය.


*වැඩි ම reaction ගණනක් ලබා ගන්නා කවි නිර්මාණය ජය හිමි වේ.


*තරගය 15 වන දා උදෑසන 11 සිට 17වනදා උදෑසන 8 දක්වා විවෘත වේ.



සියලු ම තරග හිරු නැගෙන සරසවිය ෆේස්බුක් පිටුව හරහා සිදුකරනු ලබන අතර සියලු ම තරග සදහා වටිනා මුදල් තෑගි රී ලෝඩ් ලෙස ලබා ගත හැකිය.වැඩි විස්තර හිරු නැගෙන සරසවිය හා EasternWaves ෆේස්බුක් පිටුව හරහා බලාපොරොත්තු වන්න.


 
 
 

Comments


+94717758133

Eastern University of Sri Lanka, Vantharumoolai , Chenkaladi, Batticaloa, Sri Lanka

  • facebook

©2020 by EasternWaves

bottom of page