ක්‍රිකට් තරගාවලියේ ශූරතාව කලා පීඨයට...
- Eastern Waves
- Feb 25, 2020
- 3 min read
Updated: Mar 21, 2020

පසුගිය 23 වන දා නැගෙනහිර විශ්ව විද්‍යාලීය ක්‍රීඩාංගණයේ දී ක්‍රිකට් තරග පවත්වනු ලැබීය.ඒ සදහා පීඨ හයක් සහභාගී වූ අතර ඔවුන් කාණ්ඩ දෙකක් යටතේ ක්‍රීඩා කලේය.A කාණ්ඩය ලෙස විද්‍යා පීඨය,සෞඛ්‍ය ආරක්ෂණ විද්‍යා පීඨය හා තාක්ෂණික පීඨය ද, B කාණ්ඩය ලෙස කලා පීඨය,වාණිජ හා කළමණාකරණ පීඨය හා කෘෂි විද්‍යා පීඨය ද ක්‍රීඩා කරන ලදී.
පලමුව පැවැති A කාණ්ඩයේ තරග වටයේ දී තාක්ෂණික පීඨය පන්දුවාර පහයි කඩුලු තුනක දී ලකුණු 43 ක් රැස් කල අතර එම ඉලක්කය හඹා ගිය විද්‍යා පීඨය පන්දුවාර එකයි පන්දු හතරක දී කිසිවෙකුත් නොදැවී ලකුණු 49 ක් රැස් කරගනිමින් කඩුලු පහකින් ජය ලැබීය.A කාණ්ඩයේ දෙවන තරග වටය පැවැතියේ සෞඛ්‍ය ආරක්ෂණ විද්‍යා පීඨය හා විද්‍යා පීඨය අතරය.එහි දී දෙපිල ම පන්දුවාර පහ තුල දී ලකුණු 31 ක් වාර්තා කරමින් තරගය ජය පැරදුමෙන් තොරව අවසන් කරන ලදී.එම කාණ්ඩයේ අවසන් තරග ලෙස සෞඛ්‍ය ආරක්ෂණ විද්‍යා පීඨය හා තාක්ෂණික පීඨය තරග වැදුන අතර පන්දුවාර පහ අවසානයේ දී කඩුලු තුනක් පමණක් දැවී ලකුණු 47 ක් සම සෞඛය පීඨය විසින් වාර්තා කලේය.එම ඉලක්කය හඹා ගිය තාක්ෂණික පීඨයට පන්දුවාර පහ අවසානයේ කඩුලු එකක් පමණක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 32 ක් පමණි.ඒ අනුව එහි ජය සම සෞඛය පීඨයට හිමි වෙමින් ,අර්ධ අවසන් පූර්ව වටයට A කාණ්ඩයෙන් සෞඛ්‍ය ආරක්ෂණ විද්‍යා පීඨය , විද්‍යා පීඨයත් සුදුසුකම් ලැබීය.

B කාණ්ඩයේ පලමු තරග ලෙස කෘෂි විද්‍යා පීඨය හා වාණිජ හා කළමණාකරණ පීඨය අතර තරගය පැවැත්විය.එහි දී කෘෂි විද්‍යා පීඨය පන්දුවාර පහ අවසානයේ කඩුලු හතරක් දැවී ලකුණු 22 ක් රැස් කල අතර ඊට හොද තරගයක් දෙමින් වාණිජ හා කළමණාකරණ පීඨයේ ක්‍රීඩකයින් පන්දුවාර තුනක දී ලකුණු 23 ක් රැස් ඈරමින් කඩුලු හතරක ජයක් ලැබීය.දෙවන තරගය ලෙස පැවැතියේ කෘෂි විද්‍යා පීඨය හා කලා පීඨය අතර තරගයි.එහි දී පලමුව පන්දුවට පහර දුන් කලා පීඨයේ ක්‍රීඩකයින් පන්දුවාර පහ අවසානයේ දී කඩුලු දෙකක් දැවී ලකුණු 53 ක් රැස් කලේය.නමුත් පන්දුවාර පහ අවසානයේ කෘෂි විද්‍යා පීඨයට හැකි වූයේ කඩුලු දෙකක් දැවී ලකුණු 33ක් රැස් කිරීමට පමණි.එම නිසා ලකුණු 20 කින් කලා පීඨයට ජය හිමි විය.B කාණ්ඩයේ තෙවන තරග වටය ලෙස පැවැතියේ වාණිජ හා කළමණාකරණ පීඨයත් කලා පීඨයත් අතර පැවති තරගයයි.එහි දී වාණිජ හා කළමණාකරණ පීඨය නියමිත පන්දුවාර පහ තුල එක් කඩුල්ලක් දැවී ලකුණු 43ක් රැස් කර ගත්තේය.ඒ ඔස්සේ හඹා ගිය කලා පීඨයේ ක්‍රීඩකයින් පන්දු වාර හතරක දී ලකුණු 49 ක් රැස් කර ගනිමින් කඩුලු පහක ජයක් ලබා ගන්නා ලදී.ඒ අනුව B කාණ්ඩයෙන් අර්ධ අවසන් පූර්ව වටය සදහා කලා පීඨයත්,වාණිජ හා කළමණාකරණ පීඨයත් සුදුසුකම් ලැබීය.

අර්ධ අවසන් පූර්ව වටයේ පලමු තරගය ලෙස කලා පීඨය හා සෞඛ්‍ය ආරක්ෂණ විද්‍යා පීඨය අතර තරගය පවත්වන ලදි.පලමු ව පන්දුවට පහර දුන් කලා පීඨය පන්දුවාර පහ අවසානයේ දී කඩුලු තුනක් දැවී ලකුණු 57 ක් වාර්තා කලේය.දෙවනුව පන්දුවට පහර දුන් සෞඛ්‍ය ආරක්ෂණ විද්‍යා පීඨයේ ක්‍රීඩකයන්ට පන්දුවාර පහ තුල රැස් කර ගත හැකි වූයේ ලකුණු 53 ක් පමණි.එබැවින් කලා පීඨයට ලකුණු හතරකින් ජය හිමි විය.අර්ධ අවසන් පූර්ව වටයේ දෙවන තරග ලෙස සෞඛ්‍ය ආරක්ෂණ විද්‍යා පීඨය හා විද්‍යා පීඨය අතර තරගය පවත්වන ලදී.කාලගුණ තත්වය අයහපත් වීම නිසා එම තරග වටය පන්දු වාර හතරකට සීමා කරන ලදි.එම නියමිත පන්දුවාර හතර අවසානයේ දී පලමුව පන්දුවට පහර දුන් සම සෞඛ්‍ය පීඨ ක්‍රීඩකයින් කඩුලු පහක් දැවී ලකුණු 18 ක් වාර්තා කල අතර පන්දු වාර දෙකක් තුල ලකුණු 20 ක් වාර්තා කරමින් කඩුලු හතරක ජයක් ලබා තරගාවලියේ තෙවන ස්ථානය ලබා ගැනීමට විද්‍යා පීඨ කණ්ඩායම සමත් විය.

ක්‍රිකට් තරගාවලියේ අවසන් තරග වටය සදහා වාණිජ හා කළමණාකරණ පීඨයත් කලා පීඨයටත් සුදුසුකම් ලැබීය.පලමුව පන්දුවට පහර දුන් වාණිජ හා කළමණාකරණ පීඨයේ ක්‍රීඩකයින් නියමිත පන්දුවාර පහ තුල කඩුලු දෙකක් පමණක් දැවී ලකුණු 46 ක් රැස් කලේය.ලකුණු 47 ක ඉලක්කයක් ලගා කර ගැනීම සදහා පිටියට පිවිසි කලා පීඨය පන්දුවාර හතරයි බෝල එකක දී කඩුලු එකක් පමණක් දැවී අදාල ඉලක්කය සඵල කරගන්නා ලදි.එලෙසින් කඩුලු හතරක ජයක් කලා පීඨයට හිමි වෙමින් ඔවුන් තරගාවලියේ ශූරතාවය හිමි කර ගත්තේය.අනුශූරතාවය වාණිජ හා කළමණාකරණ පීඨ ක්‍රීඩකයින්ට හිමි විය.


Kommentare