top of page

EasternWaves

Blog: Welcome
Blog: Blog2
Search

තාක්ෂණික පීඨය බැඩ්මින්ටන් පිටියේ ප්‍රබල තරගයක...

Updated: Mar 21, 2020


ree

පසුගිය දා නිමාවට පත් වූ කැරම් හා චෙස් තරග ඉසව් දෙකෙන් අනතුරුව ඉකුත් 16 වන දින විශ්ව විද්‍යාලයීය ගෘහස්ථ ක්‍රීඩා පරිශ්‍රයේදී බැඩ්මින්ටන් තරග ඉසව් පැවැත් විය. එහි පිරිමි අංශයේ පලමු වටයේ පලමු තරගය තාක්ෂණික පීඨය හා විද්‍යා පීඨය අතර පැවැත් වුණි.එහි කේවල අංශයේ එක් තරගයක් හා යුගල අංශය ජයගත් තාක්ෂණික පීඨය දෙවන තරග වටය සදහා සුදුසුකම් ලැබීය.ජය පැරදුම අතර ඉතා උණුසුම් අන්දමින් දෝලනය වූ තරග වට ගණනාවකින් අනතුරුව එම තරග ඉසව්වේ පිරිමි අංශයේ ශූරතාවය තාක්ෂණික පීඨය විසින් දිනා ගන්නා ලදි.එහි අනුශූරතාවය සෞඛ්‍ය ආරක්ෂණ විද්‍යා පීඨය විසින් ද තෙවන ස්ථානය වාණිජ හා කලමණාකරණ පීඨය විසින් ද දිනා ගන්නා ලදි.



ree



ඊට නොදෙවෙනි ක්‍රීඩා විලාසයක් පෙන්නුම් කරගමින් ක්‍රීඩා කල කාන්තා අංශයේ අවසන් තරගය සදහා වාණිජ හා කලමණාකරණ  පීඨය හා සෞඛ්‍ය ආරක්ෂණ විද්‍යා පීඨය අතර පැවැත් විය.එහිදී කේවල අංශය ද යුගල අංශය ද ජය ගත් වාණිජ හා කළමණාකරණ පීඨයට කාන්තා බැඩ්මින්ටන් අංශයේ ශූරතාවය හිමි විය.අනුශූරතාවය සෞඛ්‍ය ආරක්ෂණ විද්‍යා පීඨය විසින් දිනා ගන්නා ලදි.තෙවන ස්ථානය සදහා විද්‍යා පීඨය සමගින් තාක්ෂණික පීඨය තරග වැදුනු අතර එහි ජය විද්‍යා පීඨය නතු කරගමින් ඔවුන් විසින් තෙවන ස්ථානය දිනා ගන්නා ලදි..දිනය පුරා පැවති බැඩ්මින්ටන් තරගයන්හි නිමාව එදින එලෙසින් සටහන් විය.


ree


 
 
 

Comments


+94717758133

Eastern University of Sri Lanka, Vantharumoolai , Chenkaladi, Batticaloa, Sri Lanka

  • facebook

©2020 by EasternWaves

bottom of page