වොලිබෝල් කාන්තා අංශයේ ජය විද්‍යා පීඨයට...
- Eastern Waves
- Feb 25, 2020
- 1 min read
හිරු නැගෙන සරසවියේ නවකයින්ගේ ක්‍රීඩා උළෙලේ වොලිබෝල් කාන්තා අංශයේ තරග ඉසව් ඉකුත් 22 වන දා විශ්ව විද්‍යාලයීය ක්‍රීඩා භූමි පරිශ්‍රයේදී පවත් වන ලදි.එම තරග ඉසව්ව සදහා වාණිජ හා කළමණාකරණ පීඨය, කෘෂි විද්‍යා පීඨය,විද්‍යා පීඨය,කලා පීඨය හා තාක්ෂණික පීඨය සහභාගී විය.
පලමු තරග වටයේ පලමු තරගය සදහා විද්‍යා පීඨය සමගින් තාක්ෂණික පීඨයේ පලමු වසර ක්‍රීඩිකාවන් තරග වැදුණු අතර තරග වට දෙකට බිංදුවක් ලෙස විද්‍යා පීඨය ජය තමන් නතු කර ගත්තේය.දෙවන තරගය ලෙස වාණිජ හා කළමණාකරණ පීඨය සමග කලා පීඪය තරග වැදුන අතර ඉන් වාණිජ හා කලමණාකරණ පීඨය අවසන් පූර්ව වටය සදහා සුදුසුකම් ලැබීය.
අර්ධ අවසන් පූර්ව තරග වටයේ දී කලා පීඨය සමග කරට කර තරගයක යෙදුන විද්‍යා පීඨ ක්‍රීඩිකාවන් එහි ද තරග වට දෙකට බිංදුවක් ලෙස ජය තමන් නතු කර ගත්තේය.


තෙවන ස්ථානය සදහා පැවැත් වූ තරග වටය සදහා කෘෂි පීඨය හා කලා පීඨය තරග වැදුණි.උණුසුම් තරග වට තුනකින් අනතුරුව එහි ජය කෘෂී පීඨය ලබා ගනිමින් තෙවන ස්ථානය සදහා සුදුසුකම් ලැබුවේය.

තරග ඉසව්වේ තීව්‍ර ම අවස්ථාව වූ අවසන් වටය සදහා තරගකාරී ක්‍රීඩා රටාවක් පෙන්නුම් කල විද්‍යා පීඨය හා වාණිජ හා කලමණාකරණ පීඨය සුදුසුකම් ලැබුවේය.අන් තරග වලට වඩා ඉතාමත් ආක්‍රමණශීලී තරගකාරී බවක් පෙන්නවමින් පලමු තරග වට දෙක එකට එකක් ලෙස පීඨ දෙක විසින් දිනා ගත්තේය.ජය පැරදුම අතර දෝලනය වූ තීරණාත්මක තෙවන වටය ඉන් අනතුරුව පවත්වන ලදි.තරග වට දෙකට එකක් ලෙස එම තරග ඉසව්වෙ ජය ද අවසානයේ දී විද්‍යා පීඨය විසින් දිනා ගනිමින් වෝලිබෝල් කාන්තා අංශයේ ශූරතාවට හිමිකම් කියන ලදී.අනුශූරතාවය වාණිජ හා කලමණාකරණ පීඨයට හිමි විය.

Kommentare