හිරු නැගෙන සරසවියේ නවකයින්ගේ ක්‍රීඩා උළෙල ඇරඹේ..
- Eastern Waves
- Feb 18, 2020
- 2 min read
Updated: Mar 21, 2020
දැනුම,ආකල්ප,කුසලතා ඇතුලු සියලු ම ගුණාංගයන්ගෙන් යුක්ත පුරවැසියෙක් සමාජයට බිහිකරනු වස්,තවත් එක් පියවරක් ලෙස ශ්‍රී ලංකා නැගෙනහිර විශ්ව විද්‍යාලයේ ක්‍රීඩා අංශය විසින් සංවිධානය කළ නවකයින්ගෙ ක්‍රීඩා උළෙල ඉකුත් 11 වන දා සමාරම්භ කරන ලදි.එතැන් පටන් ලබන මස එනම් මාර්තු මස 07 වන දා දක්වා තරග ඉසව් පැවැත් වීමට නියමිත වේ. ඒ යටතේ ක්‍රිකට්, අත් පන්දු,චෙස්,මේස පන්දු,පැසි පන්දු,පා පන්දු,දැල් පන්දු,එල්ලේ,බැඩ්මින්ටන්,කැරම් සහ මළල ක්‍රීඩා යන තරග ඉසව් පැවැත් වේ.ශ්‍රී ලංකා නැගෙනහිර විශ්ව විද්‍යාලයේ, විද්‍යා පීඨය, කෘෂි පීඨය,තාක්ෂණික පීඨය, වාණිජ හා කළමණාකරණ පීඨය,කලා පීඨය හා සෞඛ්‍ය ආරක්ෂණ විද්‍යා පීඨය යන පීඨයන්හි පලමු වසර සරසවි සිසුන් මේ වෙනුවෙන් තරග කරනු ලබයි. වසර දෙකකට පසු යලිත් පැවැත්වෙන මෙම ක්‍රීඩා උළෙල, ප්‍රධාන වශයෙන් ම පලමු වසර විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ හැකියාවන් හා දක්ෂතා හදුනාගෙන ඒවා වැඩිදියුණු කිරීමත්,එතුලින් දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහි කිරීමත් අරමුණු කර ගනිමින් පවත්වනු ලබයි.එසේ වුවද සමස්ත විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සාමූහිකත්වය මෙම ක්‍රීඩා උළෙල වෙනුවෙන් නිරතුරුව ලැබේ.එලෙසින් සංවිධානය වන මෙම නවකයින්ගෙ ක්‍රීඩා උළෙල සියලු අරමුණු සඵල කරගමින් සාර්ථකව අවසන් කිරීමට විශ්ව විද්‍යාලයේ ක්‍රීඩා අංශය බලාපොරොත්තු වේ.
නවකයින්ගේ ක්‍රීඩා උළෙලේ සමාරම්භය ලෙස ,පලමු තරග ඉසව්ව වශයෙන් කැරම් ක්‍රීඩා තරග ඉකුත් අඟහරුවාදා දින (11) ශ්‍රී ලංකා නැගෙනහිර විශ්ව විද්‍යාලයීය ගෘහස්ත ක්‍රීඩාංගනයේ දී පැවැත් වුණි.දක්ශයින් අතර අති දක්ෂයින් සොයා යන මේ ගමනේ දී කරට කර තරග වට කිහිපයකින් අනතුරුව කැරම්,පිරිමි අංශයේ ශූරතාවය විද්‍යා පීඨය විසින් දිනා ගත් අතර අනුශූරතාවය කෘෂි පීඨය විසින් දිනා ගන්නා ලදි.තෙවන ස්ථානය සෞඛ්‍ය ආරක්ෂණ විද්‍යා පීඨය විසින් දිනා ගත් අතර උණුසුම් තරග වාතාවරණයක් හමුවේ කැරම් කාන්තා අංශයේ ශූරතාවය ද සෞඛ්‍ය ආරක්ෂණ විද්‍යා පීඨය විසින් දිනා ගන්නා ලදි.එහි අනු ශූරතාවය කෘෂි පීඨය ද තෙවන ස්ථානය විද්‍යා පීඨය ද දිනා ගන්නා ලදි.




ඊට නොදෙවෙනි තරග උණුසුමක් වාර්තා කරමින් මේ මස 13 හා 14 යන දෙදින පුරා චෙස් තරග ඉසව් විශ්ව විද්‍යාලයීය ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්විය.පලමු වසර ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ චෙස් ක්‍රීඩා හැකියාවන් ඉතා මනරම් ලෙස ප්‍රදර්ශනය කරමින් පැවැත් වූ එම තරග ඉසව්වේ පිරිමි අංශයේ ශූරතාවය ශ්‍රී ලංකා නැගෙනහිර විශ්ව විද්‍යාලයේ සෞඛ්‍ය ආරක්ෂණ විද්‍යා පීඨය විසින් දිනා ගන්නා ලදි.අනුශූරතාවය විද්‍යා පීඨය ද තෙවන ස්ථානය වාණිජ හා කළමණාකරණ පීඨය විසින් ද දිනා ගන්නා ලදි.එහි කාන්තා අංශයේ ශූරතාවය විද්‍යා පීඨය විසින් ද,අනුශූරතාවය සෞඛ්‍ය ආරක්ෂණ විද්‍යා පීඨය විසින් ද දිනා ගත් අතර තෙවන ස්ථානය වාණිජ හා කළමණාකරණ පීඨය විසින් දිනා ගන්නා ලදි.




ඒ අයුරින් තරග ඉසව් කිහිපයක නිමාව දකිද්දී එළැඹෙන 16 දා badminton තරග පැවැත්වීමට නියමිත වේ.එහි උණුසුම් තොරතුරු ද මෙලෙසින්ඉදිරියේ දී බලාපොරොත්තු වන්න.
Maruuu ❤❤